March 2, 2026

2025 වර්ෂය තුළ වැඩිම අවධානය දිනා ගත් දේශීය හා ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණික ප්‍රවෘත්ති දහයේ වාර්ෂික ලැයිස්තුව නම් කෙරේ

2025 වර්ෂය තුළ වැඩිම අවධානය දිනා ගත් දේශීය හා ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණික ප්‍රවෘත්ති දහයේ වාර්ෂික ලැයිස්තුව චීන මාධ්‍ය සමූහය නම් කරයි.

වැඩිම අවධානය දිනා ගත් දේශීය විද්‍යා හා තාක්ෂණික ප්‍රවෘත්ති දහය:

1 Beijing-Tianjin-Hebei කලාපය, යැංසි ගංගා ඩෙල්ටාව සහ Guangdong-Hongkong-Macao මහා බොක්ක ප්‍රදේශය තුළ ලෝක මට්ටමේ ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන මධ්‍යස්ථාන තුනක් ගොඩනැගීම.

2 විද්‍යාව හා තාක්ෂණය, කර්මාන්ත සමඟ කෘත්‍රිම බුද්ධිය ඒකාබද්ධ කිරීම සඳහා රාජ්‍ය මණ්ඩලය සැකසීම් සිදු කිරීම.

3  Tianwen-2 ග්‍රහක ගවේෂණ රෝවරය සාර්ථකව දියත් කිරීම.

4 “කෘත්‍රිම සූර්යයා”  EAST උපාංගය නව ලෝක වාර්තා තබමින් අඛණ්ඩව නිර්මාණය කිරීම.

5 DeepSeek මහා පරිමාණ කෘත්‍රිම බුද්ධි ආකෘතිය ගෝලීය අවධානයට ලක්වීම.

6 Zu Chongzhi-3 ක්වොන්ටම් පරිගණක මූලාකෘතිය නව ලෝක වාර්තාවක් පිහිටුවීම.

7 චීනයේ පළමු විද්‍යුත් චුම්භක කැටපෝල්ට් සහිත ගුවන් යානා වාහක නෞකාව වන Fujian, නාවික හමුදා සේවයට එක්වීම.

8 ඉතිහාසය නිර්මාණය කිරීමක් සේ, මිනිසුන් රහිතව ක්‍රියාත්මක කෙරෙන Shenzhou-22 අභ්‍යවකාශ යානය හදිසි මෙහෙයුමක් ලෙස දියත් කිරීම.

9 ලොව පළමු දැවැන්ත පරිමාණයේ නියුට්‍රිනෝ පහසුකම වන Jiangmen නියුට්‍රිනෝ අත්හදා බැලීමේ උපකරණයේ මෙහෙයුම් ආරම්භ කිරීම.

10 මානවරූපී රොබෝ කර්මාන්තයේ පිබිදීම.

වැඩිම අවධානය දිනා ගත් ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණික ප්‍රවෘත්ති දහය:

1 ලෝකයේ සූර්ය බලශක්ති බැටරිවලින් 80%ක්, සුළං ටර්බයිනවලින් හා ලිතියම් බැටරිවලින් ද 70%ක් නිෂ්පාදනය කරමින් චීනය ගෝලීය පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ පෙරමුණ ගෙන සිටීම.

2 පර්යේෂණ කණ්ඩායම් ක්ෂීරපායී මොළයේ වඩාත් සවිස්තරාත්මක සම්බන්ධතා සිතියම සම්පූර්ණ කිරීම.

3 Antimatter qubit නම් භෞතික විද්‍යාවට අදාළ තාක්ෂණික පර්යේෂණ සංකල්පය පිළිබඳව පළමු වරට හඳුන්වා දීම.

4 AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතථ්‍ය සෛල, ජීව විද්‍යාත්මක පර්යේෂණවල නව ආදර්ශයක් සැපයීම.

5 චීනය න්‍යෂ්ටික විලයන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර විද්‍යාත්මක වැඩසටහනක් දියත් කරමින්, රටවල් දහයකට වැඩි ප්‍රමාණයක් ‘Hefei විලයන ප්‍රකාශනය’ට අත්සන් තැබීම.

6 ගුරුත්වාකර්ෂණ තරංග සංඥා මගින් කළු කුහර සඳහා Hawking’s area theorem සත්‍යාපනය කිරීම.

7 ලොව ප්‍රථම දෘශ්‍ය ක්වොන්ටම් පරිගණකය එළිදැක්වීම.

8 ‘කෘත්‍රිම දෘෂ්‍ය හැකියාව පිළිබඳ පර්යේෂණ’ හරහා අන්ධ බවින් පෙළෙන ආබාධිතයින්ට නැවත පෙනීම ලබා ගැනීමට උපකාරී වීම.

9 අති දැවැන්ත කළු කුහර ඒකාබද්ධ වීමේ සිදුවීමක් තාරකා විද්‍යා කණ්ඩායම්හි නිරීක්ෂණයට ලක්වීම.

10 ලෝක ඉංජිනේරු සංවිධාන සම්මේලනය 2025 ෂැංහයි ප්‍රකාශනය නිකුත් කරමින්, තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා සිටීම.

About The Author