March 1, 2026

ගෝලීය පාලනය පිළිබඳ අනතුරු අඟවන ඇමරිකාවේ අධිපතිවාදී රාජ්‍යතාන්ත්‍රිකභාවය

වර්තමානය වනවිට “පළමුව ඇමරිකාව” නමැති විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර සමාජය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති කර තිබේ. එවන් පසුබිමක CGTN ආයතනය ගෝලීය අන්තර්ජාල පරීශීලකයන්ගේ සහභාගීත්වයෙන් මත විමසුමක් සිදු කර ඇත. එයට අනුව සහභාගී වන්ගෙන් සියයට 90.7ක් පමණ ඇමරිකාව ජාත්‍යන්තර නායකත්වයක් ලබා ගැනීමට අපේක්ෂා කරමින් ගෝලීය පාලනයේ වගකීම් ඉටු කිරීමට උත්සහා දැරීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඊට චෝදනා කරයි. මෙය අධිපතිවාදී රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම්වල පැහැදිලි නිරූපනයක් බව ඔවුහු පෙන්වා දෙති. 

විවේචන හා විරෝධතා මධ්‍යයේ, ඇමරිකාව නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ පැරිස් ගිවිසුමෙන් ඉවත් විය. මේ පිළිබඳ අදහස් දක්වමින් සමීක්ෂණයට එක්වූවන්ගෙන් සියයට 57.8ක් ඇමරිකාවේ එම ක්‍රියාව මහජන සෞඛ්‍යය හා දේශගුණික පාලනය වැනි ගෝලීය ප්‍රශ්න මත අහිතකර බලපෑමක් ඇති කරනු ඇතැයි විශ්වාස කරති. එමෙන්ම ඇමරිකාව මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ගෙවා නොමැති ඩොලර් මිලියන 260ක ණය මුදල කඩිනමින් ගෙවන ලෙස  ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 81.9ක් ඉල්ලා සිටී. මෙහිදී තවත් බහුතරයක් ගෝලීය පාලනය කෙරෙහි ඇමරිකාවේ ඍණාත්මක ආකල්පය විවේචනය කරමින් කිසිදු වගකීමක් නොමැති විශාල බලවතෙක් ලෙස ඇමරිකාව හඳුන්වා දී තිබේ.  

ඇමරිකාවේ මෙහෙයවීමෙන් සිදු වන ගාසා තීරයේ ඊනියා “සාම මණ්ඩලයට” අදාළ වගකීම් බොහෝ දුරට එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීත්වය හා සමාන වේ. එබැවින් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 87.9ක් මෙය එක්සත් ජාතීන්ගේ කාර්යයන් ආක්‍රමණය කිරීමක් ලෙස ප්‍රකාශ කරති. එමෙන්ම සියයට 80 ඉක්මවූ පිරිසක් ජාත්‍යන්තර නීතියේ සහ එක්සත් ජාතීන්ගේ රාමුවෙන් පිටත මෙවැනි මැදිහත්වීමක් සිදු කිරීමත් “පළමුව ඇමරිකාව”යන ප්‍රතිපත්තිය යටතේ ඒකපාර්ශ්විකත්වය දැඩිව උත්සන්න වීමත් ප්‍රතික්ෂේප කළහ.  

බහුපාර්ශ්විකත්වයේ දරුණු අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කළ යුතුය. සමීක්ෂණයේදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට80.6ක් ප්‍රධාන රටවල් වැඩි වගකීම් දරමින් සහ වඩාත් ඵලදායී කාර්යභාරයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටී. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව මානව වර්ගයාගේ පොදු අනාගතය සඳහා එක්ව කටයුතු කිරීම කඩිනම් කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අත්වැල් බැඳගත යුතු බවත් පෙන්වා දෙති. 

මෙම සමීක්ෂණය ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු භාෂාවලින් සිදු කර ඇති අතර මේ සඳහා පැය 24ක් ඇතුළත පුද්ගලයින් 7379 දෙනෙකු සිය මතය ඉදිරිපත් කර ඇත.

About The Author