ගාසා හි ගැටුම් කඩිනමින් සමනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඉල්ලා සිටී.
ඊයේ(29) පලස්තීන-ඊශ්‍රායල ගැටලුව පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.
ගාසා තීරයේ සියලු හමුදා මෙහෙයුම් වහාම නතර කර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෙසු මානුෂීය සංවිධාන සිදු කරන ආධාර සඳහා සහාය දක්වන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බව ඔහු අවධාරණය කළේය. ඊශ්‍රායලයට විශේෂ බලපෑමක් සිදු කරන රටවල් ප්‍රායෝගිකව සිය වගකීම් ඉටු කළ යුතු බව ද එහිදී සඳහන් කෙරිණ.
බටහිර ඉවුර අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය දරන භයානක උත්සාහය “ද්වි-රාජ්‍ය විසඳුම” සඳහා වන අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම විනාශ කරයි. ජාත්‍යන්තර ප්‍රජාව මෙයට පැහැදිලිවම විරුද්ධ විය යුතු බව ද ඔහු කියාසිටියේය.
බටහිර රටවල් රැසක් මෑතකදී පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර ප්‍රජාව මෙම ධනාත්මක ගම්‍යතාවය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු අතර, “ද්වි-රාජ්‍ය විසඳුම” ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රායෝගික සහ ශක්‍යතාව සහිත ක්‍රම සෙවිය යුතු ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සාමාජිකයෙකු වීමට පලස්තීනයට සහාය විය යුතු බව ද චීන නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි