යුක්‍රේන ගැටලුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමක් ඊයේ(12) එහි නිව්යෝර්ක් මූලස්ථානයේදී පැවැත්විණ. යුක්‍රේන ගැටලුව දැනට තීරණාත්මක සාකච්ඡා අවධියක පවතින බැවින් අර්බුදයට දේශපාලන විසඳුමක් සඳහා සාමය, සංවාදය සහ සමගිය ප්‍රවර්ධනය කරන ලෙස චීනය විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව එහිදී එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Sun Lei මහතා පවසා ඇත.
චීනය සැමවිටම සාම සාකච්ඡා සඳහා කොන්දේසි නිර්මාණය කිරීමෙහි නියැළී සිටියි. රුසියාව, යුක්‍රේනය ඇතුළු අදාළ පාර්ශ්වයන් සමඟ චීනය සමීප සන්නිවේදනයක් පවත්වා ඇත. යුක්‍රේන අර්බුදය සඳහා ‘සාම මිතුරු කණ්ඩායමක්’ පිහිටුවීමට ඉදිරිපත් වූ චීනය, සාමය අඛණ්ඩව ඉල්ලා සිටිමින්, සාමය පිළිබඳ සම්මුතියක් ගොඩනඟමින් සාමය සඳහා වන උත්සාහයන් ප්‍රවර්ධනය කරමින් සිටින බව ද චීන නියෝජිතයා පෙන්වා දී තිබේ.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී