චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනයේ 15 වන පස් අවුරුදු සැලැස්ම පිළිබඳ රැස්වීමක් අද (29) පැවැත්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය ඔක්තෝබර් මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා බෙයිජිං හිදී පැවැත්වීමට එම රැස්වීමේ දී තීරණය කර ඇත.
‘ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනයේ 15 වන පස් අවුරුදු සැලැස්ම සකස් කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ යෝජනාව’ට අදාළ කෙටුම්පත සම්බන්ධයෙන්, පක්ෂය තුළ සහ ඉන් පිටත නියෝජිතයින්ගෙන් උපදෙස් එක්රැස් කිරීම පිළිබඳ වාර්තාවට, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය එම රැස්වීමේදී සවන් දුන්නේය. මෙම රැස්වීමේදී සාකච්ඡා කළ අදහස් මත පදනම්ව සංශෝධනවලින් පසු කෙටුම්පත් ලේඛනය 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරයට ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය වෙනුවෙන්, ආර්ථික හා සමාජීය සංවර්ධනය පිළිබඳ පක්ෂයේ නායකත්ව හැකියාව වැඩි දියුණු කළ යුතු බව ද එම රැස්වීමේදී අවධාරණය කර ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්
චීනයේ විවෘත කිරීමේ දොරටු තව තවත් පුළුල් ලෙස විවෘත වනු ඇති බව ප්‍රකාශ කෙරේ
මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි