March 2, 2026

උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ 80 වන සංවත්සර සැමරුම් වෙනුවෙන් චීන අගමැති මේ සතියේ උතුරු කොරියාවට

උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ 80 වන සංවත්සර සැමරුම් වෙනුවෙන් සහභාගී වීමට සහ එරට නිල සංචාරයක් සඳහා ‍චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා එක් වීමට නියමිත ය. ඒ එළඹෙන ඔක්තෝබර් 9 සිට 11 දක්වා කාලය තුළදී ය.

කොරියානු කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ එරට රජයේ ආරාධනාවෙන් අගමැතිවරයා මෙම සංචාරයට එක් වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් අද(07) ප්‍රකාශ කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයෙකු ද වන Li Qiang මහතා මෙම සංචාරයට එක්වන චීන නියෝජිත පිරිස මෙහෙයවනු ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.

මෙවර අගමැතිවරයාගේ සංචාරය අවස්ථාවක් ලෙස ගෙන, පක්ෂ දෙකේ සහ දෙරට උත්තරිතර නායකයින්ගේ වැදගත් එකඟතාවයේ මඟ පෙන්වීම යටතේ, උපායමාර්ගික සන්නිවේදනය හා  සහයෝගීතාව ශක්තිමත් කරමින් චීන-උතුරු කොරියානු සාම්ප්‍රදායික මිත්‍රශීලී සහයෝගී සබඳතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට උතුරු කොරියාව සමග එක්ව උත්සාහ කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද එම ප්‍රකාශකයා පැවසීය.

About The Author