චීනයේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කෙරුණු “එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සහයෝගීතාව” පිළිබඳ යෝජනාව ඉහළ ඡන්දයකින් සම්මත වේ. ඊයේ(5) පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වන සැසිවාරයේදී එම යෝජනාව සම්මත විය. සියලුම ෂැංහයි සහයෝගිතා සංවිධාන සාමාජික රටවල් ඇතුළුව රටවල් 40කට වැඩි ප්‍රමාණයක් එක්ව මෙම යෝජනාව ඉදිරිපත් කළහ.
කලාපීය සාමය, සංවර්ධනය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ඵලදායී කාර්යභාරය මෙම යෝජනාවෙන් බෙහෙවින් අගය කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය අතර සංවාදය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහාය වේ.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපති රට ලෙස චීනය ටියැන්ජින් සමුළුව පැවැත්වීම සහ “ටියැන්ජින් ප්‍රකාශය” නිකුත් කිරීම පිළිගන්නා බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වන සංවත්සරය සහ දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සැමරීම සඳහා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සංවිධානය කළ උත්සව මාලාව ද පිළිගන්නා බවත් එම යෝජනාවේ සඳහන් වේ.
රුසියාව, කිර්ගිස්ථානය, පාකිස්ථානය ඇතුළු රටවල් එහිදී, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ටියැන්ජින් සමුළුව සහ වාරික සභාපතිත්වය දැරීමේ කාලයේ චීනය කළ කාර්යයන් පිළිබඳව ප්‍රශංසා කළහ. ජනාධිපති ෂී ජින්පිං මහතා යෝජනා කළ ගෝලීය පාලන මුලපිරුම කාලයේ ප්‍රවණතාවයට අනුකූල වන අතර ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේදී සහ ගෝලීය පාලනය වැඩිදියුණු කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව ඔවුහු පැවසූහ.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී