March 6, 2026

15වන පස්අවුරුදු සැලැස්මට මනා ආරම්භයක් උදෙසා මහජන දේශපාලන උපදේශක සභාව දායක විය යුතුයි– ජාතික කමිටු සභාපති

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වැනි සැසිවාරය අද(4) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ ආරම්භ විය. ෂී ජින්පිං, Li Qiang, Zhao Leji, Cai Qi, Ding Xuexiang, Li Xi, Han Zheng යන චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ එහි සභාපති වේදිකාවේ අසුන් ගෙන සැසිවාරය පැවැත්වීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළහ. 

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ ස්ථාවර කොමිසම වෙනුවෙන් ජාතික කමිටු සභාපති Wang Huning මහතා එම අවස්ථාවේදී කාරක වාර්තාව ඉදිරිපත් කළේය.

වසර 2026 රටේ 15 වන පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ පළමු වසර බවත් නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනයේ මඟ පෙන්වීම යටතේ, මහජන දේශපාලන උපදේශක සභාවේ වැඩකටයුතු වැඩිදියුණු කිරීම පිළිබඳ ෂී ජින්පිං මහතාගේ වැදගත් උපදෙස් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බව Wang Huning මහතා පැවසීය. 

එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ බහු-පක්ෂ සහයෝගීතා ක්‍රමවේදය සහ දේශපාලන උපදේශක පද්ධතිය තහවුරු කර ගත යුතුය. එක්සත්බව සහ ප්‍රජාතන්ත්‍රවාදය යන ප්‍රධාන තේමාවන් දෙකෙහි එල්බ සිටිමින් මහජන දේශපාලන උපදේශක සභාව පක්ෂයේ සහ රටේ කේන්ද්‍රීය කාර්යයන්ට යොමුව සිය යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට කටයුතු කළ යුතුය.  

15 වන පස් අවුරුදු සැලැස්මට මනා ආරම්භයක් සඳහා මහජන දේශපාලන උපදේශක සභාව, විවිධ දේශපාලන පක්ෂ, සියලු ජනවාර්ගික කණ්ඩායම් සහ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් සංවිධානය කරමින් ජනතාවගේ හදවත් පුළුල් ලෙස එක්සත් කිරීමෙහි ද පොදු අදහස්, ප්‍රඥාව සහ ශක්තිය එක්රැස් කිරීමෙහි ද නියැළී සිටින බව Wang Huning මහතා ප්‍රකාශ කළේය.

About The Author