March 2, 2026

හතර වන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය 2026 ජුනි මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා

හතර වන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය 2026 ජුනි මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා බෙයිජිං හිදී පැවැත්වෙන බව චීන වෙළඳ ප්‍රවර්ධන සංගමය අද(27) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එම ප්‍රදර්ශනය සඳහා වන සූදානම මෙන්ම අදාළ දේශීය හා ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන් විධිමත් ව සිදු වෙමින් පවතී. මේ වන විට ප්‍රදර්ශනයට සහභාගී වීමට සමාගම් 300 කට අධික සංඛ්‍යාවක් එකඟතාව පළ කර ඇත.

About The Author