“තායිවාන බෙදුම්වාදීන්”හා ඊනියා පාලක ප්රජාතන්ත්රවාදී ප්‍රගතශීලි පක්ෂය ඉතිහාසයේ ප්රවණතාවට විරුද්ධව කටයුතු කිරීමෙන් පරාජයට පත් වනු නිසැකය.
චීන මහා ගොඩබිම සමග තරගකාරී තත්ත්වයක් නිර්මාණය කර ගනිමින්, තායිවාන ප්‍රදේශය හොන්ඩියුරාස් රජය සමග මිත්‍ර සම්බන්ධතා පවත්වා ගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා විදේශ කටයුතු අංශයේ ප්‍රධානි Lin Chialung ප්‍රකාශ කළේ තායිවානය විශ්වාසය හා සමෘද්ධියේ සම්බන්ධතාව ගොඩනගන බවයි. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද (16) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දැක්විය.
චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක ප්රජාතන්ත්රවාදී ප්‍රගතශීලි පක්ෂය “විශ්වාසය හා සමෘද්ධිය” ප්‍රයෝජනයට ගනිමින් “ඩොලර් රාජ්‍යතාන්ත්‍රික කටයුතු ” අයුතු ලෙස ක්‍රියාත්මක කරමින් සිටී. එමගින් තායිවාන බෙදුම්වාදීන්ගේ සැඟවුණ සැබෑ අරමුණ ආවරණය කළ නොහැකිය. එලෙස මහජන මතයට එරෙහි වීම සහ තායිවාන පුරවැසියන් රුවටීමට නොහැකි බවද Guo Jiakun මහතා පැවසීය. “තායිවාන බෙදුම්වාදීන්”හා තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක ප්රජාතන්ත්රවාදී ප්‍රගතශීලි පක්ෂය ඉතිහාසයේ ප්රවණතාවට එරෙහිව කටයුතු කිරීම නිසැක පරාජයට හේතුවක් වනු ඇති බවද හෙතෙම පැහැදිලි කර ඇත.
චීනය හා හොන්ඩියුරාස් රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමෙන් පසු ඒ ඒ ක්ෂේත්රවල සහයෝගිතා ඔස්සේ ඵලදායී ජයග්‍රහණ ලබා ගෙන ඇත. එමගින් හොන්ඩියුරාස් රාජ්‍යයේ දිගුකාලීන සංවර්ධනය කිරීමේ හැකියාව තහවුරු කර ඇති අතර එය දෙරටට හා ජනතාවට ද වාසි ගෙන දී තිබේ. එකම චීනය මුලධර්මය අනුගමනය කිරීම, ඉතිහාසයේ ප්රවණතාවට හා යුගයේ ප්‍රවර්ධනය කිරීමේ ප්රවණතාවට අනුකූල වන නිවැරදි තීරණයකි. එය අදාළ රටවල හා ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ට අනුකූල බව සාක්ෂි මගින් මනාව පිළිබිඹු වූ බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී