March 2, 2026

චීන අගමැති සහ සිංගප්පූරුවේ වැඩබලන ජනාධිපති අතර හමුවක්

චීන අගමැති Li Qiang මහතා සිංගප්පූරුවේ වැඩබලන ජනාධිපති Eddie Teo මහතා හමු වෙයි. ඒ අද(26) සිංගප්පූරුවේ ඉස්තානා හිදී ය.

ලෝකය කැළඹිලි සහ වෙනස්කම්වලින් යුත් නව කාලයකට පිවිසෙන විට, චීනය සහ සිංගප්පූරුව වඩාත් සමීපව එක්ව කටයුතු කළ යුතු බව Li Qiang මහතා එහිදී ප්‍රකාශ කළේ ය. මෑතකදී චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරයේදී චීනයේ ‘15 වන පස් අවුරුදු සැලැස්ම සම්පාදනය කිරීමේ යෝජනාව’ සාකච්ඡා කර සම්මත කර ඇති අතර, එමගින් චීනය සහ සිංගප්පූරුව අතර අනාගත සහයෝගීතාව සඳහා වැදගත් අවස්ථා ද ලබා දෙනු ඇත. අනාගතයේදී, දෙරටට මෙන්ම කලාපයට සහ සමස්ත ලෝකයටම වැඩි ප්‍රතිලාභ ලබා දීම සඳහා චීන-සිංගප්පූරු සබඳතා අඛණ්ඩව ස්ථාවර ලෙස සංවර්ධනය කිරීම සඳහා සිංගප්පූරුව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතා සහ ASEAN-චීන විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය, තවදුරටත් ශක්තිමත් කිරීමට සිංගප්පූරුව කැමැත්තෙන් සිටින බව ද Eddie Teo මහතා එහිදී පැවසීය.

එදිනම, සිංගප්පූරුවේ පැවති චීන-සිංගප්පූරු කර්මාන්ත හා ව්‍යාපාරික සම්මන්ත්‍රණයකට Li Qiang මහතා සහභාගී විය. අනාගතයේදී, චීන-සිංගප්පූරු සහයෝගීතාවය අඛණ්ඩව උසස් තත්ත්වයෙන් සංවර්ධනය වන බවත්, ඒ සඳහා දෙරට කර්මාන්ත හා ව්‍යාපාරික ප්‍රජාවන්ගේ ඒකාබද්ධ උත්සාහයන් අවශ්‍ය වන අතර, දෙරට සහ ලොව පුරා ව්‍යවසායන් සඳහා නව සංවර්ධන අවස්ථා ගෙන එනු ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.

About The Author