දෙවන ලෝක යුද සමයේ ජපානය සිදු කළ සාහසික ආක්‍රමණ වසන් කිරීමට ජපාන දක්ෂිණාංශික බලවේගය ප්‍රමුඛත්වය දුන් බව චීනය පෙන්වා දෙයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ජපාන දක්ෂිණාංශික බලවේගය පිළිබඳ අදහස් දැක්විය.
ජපාන දක්ෂිණාංශික බලවේගය විසින්, දෙවන ලෝක යුද සමයේ ජපානය සෙසු ආසියානු රටවල් ඉලක්ක කර සිදු කළ ආක්රමණික යුද්ධ “ ආසියාවේ විමුක්තිය” ලෙසත්, චීනයේ නැන්ජිං නගරයේ ජපාන හමුදා සිදු කළ සමූල ඝාතනය සරලව “නැන්ජිං සිද්ධිය ” ලෙසත්, අංක 731 දරණ රසායනික බැක්ටීරියා යුද ඒකකය “වෛද්‍ය පර්යේෂණයන්හි නිරත ඒකකය ” ලෙසත්, හඳුන්වා දී ඇත. එසේ ම දෙවන ලෝක යුද සමයේ ජපානය ආක්‍රමණය කළ ආසියානු රටවල ජනතාව ශ්‍රමිකයන් හෝ ලිංගික සේවිකාවන් බවට බලහත්කාරයෙන් පත් කළ ඉතිහාසය විකෘති කරමින් එම ජනතාව “සිය කැමැත්තෙන් ” එසේ ජපානයට සහාය වූ බව ද ජපාන දක්ෂිණාංශික නියෝජිතයන් පවසා තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් හානි සිදු වූ වින්දිතයා වශයෙන් පෙනී සිටින ජපානය, සියලු යුද හානිවලට මූලය වූයේ තමන්ගේ මිලිටරිවාදය බව කිසිවිටකත් පිළිනොගත් බව Guo Jiakun මහතා එහිදී පෙන්වා දුන්නේ ය. තමන් අතින් සිදු වූ අපරාධ පිළිනොගැනීම, වසන් කිරීම, එම අපරාධ සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම පමණක් නොව, ජගත් ප්‍රජාව ඉදිරියේ අහිංසක බවක් පෙන්වමින් අනුකම්පාව දිනාගැනීම ජපානයේ සුපුරුදු උපායක් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී