March 2, 2026

ජිමී ලායි (Jimmy Lai) චීන ජාතික ආරක්ෂක නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වරදකරු බවට හොංකොං අධිකරණයෙන් තීරණයක්

ජාතික ආරක්ෂක නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ජිමී ලායි (Jimmy Lai) චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මහාධිකරණය මගින් අද(15) වරදකරු ලෙස නම් කෙරිණ. හොංකොං විශේෂ පරිපාලන කලාපය තුළ චීන විරෝධී අරගල ඇති කළ ජිමී ලායි බාහිර බලවේග සමග එක්ව කුමන්ත්‍රණ සැලසුම් කිරීමේ චෝදනා දෙකකට සහ රාජද්‍රෝහී ප්‍රකාශනය යන චෝදනාවලට වැරදිකරු විය. 

ජිමී ලායි සහ වසා දමා තිබෙන ඇපල් ඩේලි පුවත්පතට සම්බන්ධ සමාගම් තුනකට අදාළව මෙම තීන්දුව ලබා දී ඇත. ඒ අනුව ජිමී ලායි ඇතුළු Apple Daily Limited, Apple Daily Printing Limited සහ Apple Daily Internet Limited යන සමාගම් ජාතික ආරක්ෂක නීතිය උල්ලංඝනය කරමින් රාජද්‍රෝහී ප්‍රකාශන නිකුත් කිරීම  හේතුවෙන් වැරදිකරුවන් ලෙස නම් කර තිබේ. විදේශ බලවේග සමග එක්ව කුමන්ත්‍රණ සිදු කිරීමේ චෝදනාවට ජිමී ලායි වැරදිකරු බව ද අධිකරණය සඳහන් කර ඇත. 

මෙම නඩු විභාගය නිල වශයෙන් 2023 වසරේ දෙසැම්බර් 18 වැනිදා ආරම්භ වූ අතර, චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතික ආරක්ෂක නීතිය යටතේ පත් කළ විනිසුරුවරු තිදෙනෙකු එහි විනිශ්චය සිදු කළහ. 2024 ජුනි 11 වැනිදා පැමිණිලිකාර පාර්ශ්වය සාක්ෂි ඉදිරිපත් කිරීම අවසන් කළ අතර ජූලි 25 වැනිදා අධිකරණය සියලුම චෝදනා සනාථ වූ බවට තීන්දුව ලබා දෙන ලදී. එමෙන්ම ජිමී ලායි සිය සාක්ෂි ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 20 වැනිදා ආරම්භ කළ අතර 2025 මාර්තු මාසයේදී එය අවසන් විය. ඒ අනුව නඩු කටයුතුවල අවසන් විභාගය 2025 අගෝස්තු 18 වැනිදා ආරම්භ වූ අතර අගෝස්තු 28 වැනිදා අවසන් කෙරිණ. 

About The Author