March 6, 2026

සමස්ත ජනතාවගේ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමේ ඵලදායී ක්‍රම ගවේෂණය කිරීමට Jiangsu පළාත දායක විය යුතු බව චීන ජනපති පවසයි

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය අද(5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා Jiangsu පළාතේ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෙකු වශයෙන් අද පස්වරුවේ එම පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක්විය.

කාර්මික නවෝත්පාදනය, තාක්ෂණික දියුණුව සහ ගම්මාන සංවර්ධනය ඇතුළු කටයුතු පිළිබඳව කණ්ඩායමේ නියෝජිතයන් සිදු කළ කතාවන්ට සවන් දී, ෂී ජින්පිං මහතා Jiangsu පළාතේ තත්ත්වයට අනුව 15 වන පස් අවුරුදු සැලැස්මේ කාලය තුළ සංවර්ධනය පිළිබඳව වැදගත් උපදෙස් ලබා දී ඇත.

දැවැන්ත ආර්ථික පළාතක් වශයෙන් Jiangsu පළාත නව තත්ත්වයන් අධ්‍යයනය කිරීමේදීත් නව ගැටලු විසඳීමේදීත් උත්සාහවන්තව කටයුතු කරමින් අත්දැකීම් ලබා ගත යුතු බව ඔහු එම අවස්ථාවේදී සඳහන් කළේය.

නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ ෂී ජින්පිං මහතා, අධ්‍යාපනය, තාක්ෂණය සහ කුසලතා ඒකාබද්ධ සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බව ද පෙන්වා දුන්නේය. සාම්ප්‍රදායික කර්මාන්ත ප්‍රශස්ත කිරීම, නැගී එන කර්මාන්ත පුළුල් කිරීම සහ අනාගත කර්මාන්ත සැලසුම් කිරීම සඳහා තවදුරටත් කැප විය යුතු බව ඔහු සඳහන් කළේය.

දේශීය ආර්ථික චක්‍රයට දායක වීම සඳහා Jiangsu පළාත රටේ සමස්ත වෙළඳපොළට වඩාත් මනා ලෙස ඒකාබද්ධ විය යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.  ඉහළ මට්ටමේ විවෘත කිරීම පුළුල් කරමින් විවිධ අවදානම්වලින් ආරක්ෂා වීමට පියවර ගත යුතු බව ඔහු කියා සිටියේය.

Jiangsu පළාත, ඉහල තත්ත්වයේ රැකියා නියුක්තිය, ජනතා ආදායම වැඩි කිරීම, මහජන සේවා සහ සමාජ ආරක්ෂණය ඉහල නංවාලීම යනාදී ප්‍රශ්නවලට ක්‍රියාශීලි ලෙස ප්‍රවේශයන් සොයා යාමට උත්සාහ කළ යුතුය. මේ තුළින් රටේ සමස්ත ජනතාවගේ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමේ ඵලදායී ක්‍රම ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

About The Author