චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නොවැම්බර් මාසයේ ආර්ථික දත්ත නිකුත් කරයි.
ඒ අනුව මෙම වසරේ සරු ධාන්‍ය අස්වැන්නක් අපේක්ෂා කෙරේ. එය ටොන් මිලියන 700 ඉක්මවූ ඉහළ ස්ථාවර නිෂ්පාදන මට්ටමක පවතිනු ඇත. නොවැම්බර් මාසයේ ‘වාර්ෂික ආදායම යුවාන් දෙකෝටිය ඉක්මවා ඇති කාර්මික ව්‍යවසායන්හි’ එකතු කළ අගය, වාර්ෂිකව 4.8% කින් සහ මාසිකව 0.44%කින් වැඩිවී ඇත. සේවා කර්මාන්තයේ නිෂ්පාදන දර්ශකය 4.2% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි. පාරිභෝගික භාණ්ඩවල මුළු සිල්ලර විකුණුම යුවාන් ට්‍රිලියන 4.4 ක් වූ අතර එය වාර්ෂිකව 1.3% ක වැඩිවීමකි.
සමස්තයක් වශයෙන් නොවැම්බර් මාසයේදී චීන ජාතික ආර්ථිකය සුමටව ක්‍රියාත්මක වූ අතර එහි ස්ථාවර හා සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන ගොස් ඇත.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී