“ගැටුම්වල ළමුන්, විද්‍යාව සහ අධ්‍යාපනය” යන මාතෘකාව යටතේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(2) නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී විවෘත රැස්වීමක් පැවැත්වීය. වර්තමානයේ ගෝලීයව පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ළමා අපයෝජන සිදුවීම් වැඩිවීම වඩාත් කැපී පෙනෙන බවත් දරුවන් ඉලක්ක කර ගන්නා සියලු ක්‍රියාවන් චීනය දැඩි ලෙස හෙළා දකින බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එහිදී ප්‍රකාශ කළේය.
ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් හමුදා ප්‍රහාර අතරතුර දකුණු ඉරානයේ ප්‍රාථමික පාසලකට ප්‍රහාරයක් එල්ල වූ බවත්, මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළ ගොස් ඇති බවත් එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ උප මහලේකම් Rosemary DiCarlo මහත්මිය එහිදී වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළාය.
පවතින ගෝලීය ගැටුම් සහ වැඩිවන ළමා අපයෝජන සිදුවීම් සංඛ්‍යාව පිළිබඳව චීනය දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත්, පාසල්වලට එල්ල වන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බවත් Fu Cong මහතා ප්‍රකාශ ප්‍රකාශ කළේය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්
චීනයේ විවෘත කිරීමේ දොරටු තව තවත් පුළුල් ලෙස විවෘත වනු ඇති බව ප්‍රකාශ කෙරේ
මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි