මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය චීනයේ ස්ථාවරය පැහැදිලි කරයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවසරයකින් තොරව ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව මිලිටරි ප්‍රහාර දියත් කිරීමෙන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදාළ විමසීම්වලට පිළිතුරු දෙමින් පැවසුවාය. ගැටුමේ බලපෑම්වලට ලක්ව ඇති අසල්වැසි රටවල් පිළිබඳව චීනය දැඩි කනස්සල්ලට පත්ව සිටී. ඉරාන න්‍යෂ්ටික ප්රශ්නය කෙරෙහි දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට නැවත පැමිණිය යුතු බව ඇය පෙන්වා දුන්නාය. මිලිටරි ක්‍රියාමාර්ග වහාම නතර කර සංවාදය සහ සාකච්ඡාව නැවත ආරම්භ කරන ලෙස චීනය ඉල්ලා සිටින බව Mao Ning මහත්මිය අවාධරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු මෙන්ම මූලධර්ම ආරක්ෂා කරමින් සියලු රටවල නීත්‍යානුකූල ආරක්ෂක අවශ්‍යතා වැදගත් කොට සැලකිය යුතු බවත්, අර්බුදය සාමකාමීව විසඳීමට හිතකර සියලු උත්සාහයන්ට සහාය විය යුතු බවත් Mao Ning මහත්මිය තවදුරටත් පෙන්වා දුන්නාය.
Hormuz සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහතික කරමින්, ගෝලීය ආර්ථිකයට ඇති විය හැකි වඩා තදබල හානිය වළක්වා ගන්නා ලෙස චීනය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව Mao Ning මහත්මිය එහිදී පවසා ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්
චීනයේ විවෘත කිරීමේ දොරටු තව තවත් පුළුල් ලෙස විවෘත වනු ඇති බව ප්‍රකාශ කෙරේ
මැදපෙරදිග වත්මන් තත්ත්වය සහ ඉරානයට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් SCO සාමාජික රටවල දැඩි විරෝධය