ජපානය සිය වැරදි මෙනෙහි කර ගත යුතු බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.
මෑත වසරවලදී, ජපානය අඛණ්ඩව වසර දහතුනක් පුරා සිය ආරක්ෂක පිරිවැය වැඩි කර ඇති අතර, අවි අපනයන සීමාවන් ද නැවත නැවතත් ලිහිල් කර තිබේ. එමෙන්ම “නිර්න්‍යෂ්ටික මූලධර්ම තුන” සංශෝධනය කිරීමට ජපානය උත්සාහ දරා ඇති බවද Lin Jian මහතා ප්‍රකාශ කළේ ය. ඔවුන් “කයිරෝ ප්‍රකාශනයේ” සහ “පොට්ස්ඩෑම් ප්‍රකාශනයේ” සඳහන් වන ජපානය පිළිබඳ වගන්ති ක්‍රමයෙන් උල්ලංඝනය කරමින් සිටින අතර, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජපානය දුන් පොරොන්දු ද කඩ කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය දූත මණ්ඩලය නැවත වරක් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් සිය බැරෑරුම් ස්ථාවරය අවධාරණය කර ඇත. පශ්චාත් දෙවන ලෝක යුද ජාත්‍යන්තර පිළිවෙලට ජපානය එල්ල කරන අභියෝග සහ ජපානයේ මිලිටරිවාදයේ නැවත නැඟිටීමේ ක්‍රියාමාර්ගවලට චීනය දැඩි ලෙස විරුද්ධ වේ. තම වැරදි අවංකව මෙනෙහි කර නිවැරදි මාර්ගයේ යමින් යුද්ධයේ පරාජිත ජාතියක් ලෙස තම යුතුකම් ඉටු කරන ලෙස චීන පාර්ශ්වය නැවත වරක් ජපානයෙන් ඉල්ලා සිටියි.
More Stories
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව මාර්තු 3වැනිදා පැවැත්වේ
මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව චීන-රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකාච්ඡාවක්
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී