
ආරාධනාවකට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වංයී මහතා සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා අතර දුරකථන සාකච්ඡාවක් ඊයේ(1) පැවැත්විණ.
ඇමරිකාව සහ ඊශ්‍රායලය ඇමරිකානු-ඉරාන සාකච්ඡා අතරතුර ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීම පිළිගත නොහැකිය. ස්වාධීන රාජ්‍යයක නායකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සහ දේශපාලන බලය වෙනස් කිරීම ද පිළිගත නොහැකිය. මෙවැනි ක්‍රියාවන් ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මුතීන් උල්ලංඝනය කරන බවද වං යී මහතා පැවසීය.
වහාම යුද මෙහෙයුම නතර කළ යුතු ය. සංවාද හා සාකච්ඡා හැකි ඉක්මණින් ආරම්භ කරමින් ඒකපාර්ශ්වික මෙහෙයුම්වලට එරෙහිව ජගත් ප්‍රජාව පොදුවේ විරෝධය පළ කිරීම චීනයේ ස්ථාවරය බවද වං යී මහතා අවධාරණය කළේය.
රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා පැවසුවේ රුසියාවේ ස්ථාවරය චීනයේ ස්ථාවරය හා සමාන වන බවයි. චීනය සමග සම්බන්ධීකරණය හා අදහස් හුවමාරු ශක්තිමත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය , ෂැංහයි සහයෝගිතා සංවිධානය යන වේදිකාවන් හරහා පැහැදිලි සංඥා නිකුත් කිරීමට රුසියාව කැමැත්තෙන් සිටී. යුද්ධය වහාම නතර කරන ලෙසත් රාජ්‍යතන්ත්‍රික සාකච්ඡාවට යළි එක්වන ලෙසත් රුසියාව අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද සර්ගි ලැව්රොව් මහතා පැවසීය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්
චීනයේ විවෘත කිරීමේ දොරටු තව තවත් පුළුල් ලෙස විවෘත වනු ඇති බව ප්‍රකාශ කෙරේ
මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි